skip to main |
skip to sidebar
Running scared 2006 වසරේ තිරගත වුණු Action,Crime ගණයට අයත් සාර්ථක චිත්රපටයක්.මෙහි ප්රධාන චරිතයට(Joey) පණ පොවන්නේ Fast & the Furious චිත්රපට මාලාවේ විශිෂ්ට රංගනයක යෙදුන Paul Walker.
මත්ද්රව්ය ජාවාරමකදී Joey ගේ රයිෆලයෙන් ජාවාරමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියකුට වෙඩි තබයි.ඉන්පසු ඔහුගේ පිස්තෝලය අසල්වැසි නිවසේ Oleg නම් පිරිමි ළමයෙකු සොරකම් කර බහින්බස් වීමකදී තමාගේ වධකාර සුළු පියාට වෙඩි තබා නිවසෙන් පැන යයි.එනිසා Joye ඔහු සොයා ගැනීමට යන්නේ එය පොලිසිය හෝ තමාගේ මැර කල්ලියට නතු වීම වළක්වා ගැනීමටය.මේ සියලු සිදුවීම් සිදුවන්නේ එදින රාත්රියේ පැය කීපයක් තුල ය. Joyeට රයිෆලය හා Oleg සොයාගතහැකි වේද? ඔහු මැරයන්ට හසුවේද?IMDB හි 7.4 ක ලකුණු ප්රමාණයක් ලබා ගැනීමට මෙම චිත්රපටය සමත් වී ඇත.අසභ්ය භාෂා ව්යවහාරය එලෙසම පරිවර්තනය කර නොමැති උනත් ඇතැම් දර්ශන නිසා පවුලේ සැමට එකට නැරඹිය නොහැකි චිත්රපටයකි.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Torrent file එක මෙතනින් ගන්න
ඉන්දුනීසියාවෙන් බිහිවූ මෙම චිත්රපටය මම මෑත කාලීනව බලපු කිසිම චිත්රපටයක නොදැකු සටන් ජවනිකා අඩංගු වෙනවා. ඒ වගේම ඒවා කොතරම් තාත්විකද කියා කියනවනම් , මෑතකාලීනව බටහිර චිත්රපට කිසිවක මෙවැනි දර්ශන නොමැත කියල මට කියන්න පුළුවන්. මෑතකාලීනව හුඟක් ජනප්රිය චිත්රපට බිහිකරපු කණ්ඩායමක් තමයි මෙහි නිෂ්පාදනයට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මෙහි දර්ශන කොතරම් තාත්විකද කියා සහ ඒ චරිත වලට ඔවුන් කොතරම් දුරට සධාරනයක් ඉටු කරලා තියෙනවද කියල ඔබම තීරණය කරන්න.
කතාව ගැන නම් මම වැඩි යමක කියන්නේ නෑ. ආදුනික පොලිස් කණ්ඩායමක් විසින් අරබන මෙහෙයුමක් තමයි මෙහි කතා මුලාශ්රය වෙන්නේ. එහිදී මෙම පොලිස් කණ්ඩායම ඉතා බිහිසුණු සහ ඇති දක්ෂ සතුරු පිරිසක් සමඟ තමයි ගැටීමට සිදුවෙන්නේ. චිත්රපටයට උපසිරැසි ගැන්වීම් කරන්න කියලා කියුව අපේ ඇඩ්මින් වන HEDZ වත් මතක් කරන ගමන් මෙයට ඉක්මනින් උපසිරැසි යෙදීමට හැකි වීම පිළිබඳවත් සතුටු වෙනවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
702MB Torrent file එක මෙතනින් ගන්න.
800MB Direct Links මෙතනින් ගන්න.
Hush,Insidious,Sherlock homes තමයි මම උපසිරැසි ගන්වපු චිත්රපටි තුන.ශර්ලොක් හෝම්ස් එකේ පලවෙනි චිත්රපටිය පරණ උනත් එකට ඇත්තටම ලැබුන ප්රතිචාරනම් සතුටු හිතෙන එවා.එකට මම උන මහන්සිය සාර්ථකයි කියලා මට හිතුනා.මට පෞද්ගලිකව මැසෙජ් එවලා දන්වලා එවලා හා කමෙන්ට් එකකින් අදහස් දක්වපු හැමදෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා.
හරි උඩ තිබුනේ මගේ කතාව.දැන් ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු.ෂොන් හා බෙන් දෙන්නා ඇමරිකාවේ ඉදන් මොස්කව් වලට තමන්ගේ ජිවිතේ ලොකුම පිම්මක් තියන්න ව්යාපාර වැඩකට එනවා.නමුත් බලාපොරොත්තු නොවන ලෙසට එය කඩවෙනවා.පස්සේ දෙන්නාම හිතේ දුක නැතිවෙන්න කියලා හිතාගෙන ක්ලබ් එකකට යනවා මත්පැන් බොන්න කියලා.මේ වෙලාවේ ඔවුන් දෙන්නට නැටලී සහා ඇනී කියලා ගැණු ළමයි දෙන්නෙක් මුණ ගැහෙනවා.ඔවුන් දෙන්නා නම් මොස්කව් වලට ඇවිත් තියෙන්නේ පොඩ්ඩක් විනෝද වෙලා යන්න.ඉතින් මේ හතර දෙනා කතා කර කර ඉන්න වෙලාවේ එකපාරටම මොස්කව් නගරයේ විදුලි බලය හදිසියේ විසන්දි වෙනවා.මොවුන් ක්ලබ් එකෙන් එළියට ඇවිත් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා..ඒ වෙලාවෙම මොවුන් සියලු දෙනාටම නොපෙනන පිටසක්වල ජිවින් විශේෂයක් පහර දෙනවා.මේ පිටසක්වල ජිවින් කවුරුත් පෙන්නේ නෑ.ඉතින් මොවුන් කොයි වෙලාවේ කොයි පැත්තෙන් පහර දෙයිද කියලා කට්ටියට හිතාගන්න බැරිවෙනවා.නගරය මුලු මනින්ම පාලුවට යනවා.ෂොන්,බෙන්,නැට� �ී සහා ඇනී කියන කට්ටියට ඕන මොස්කව් වලින් පිටවෙලා තමන්ගේ මව් රට වෙන ඇමරිකාවට යාගන්න.මොවුන්ට එය කරන්න හැකි වෙයිද.මොවුන් මේ යන ගමනේ අතර මගදි තව ජිවිතය බේරගත් කිපදෙනෙක්ද හමුවෙනවා.මේ නොපෙනන සත්වයින්ට මුහුණ දිලා
මොවුන්ට නිරුපද්රතිව බේරිලා යන්න හැකි වෙයිද?නැත්නම් මේ අයගේ ජිවිත වලින් සියලු දෙනා වන්දිගෙවයිද?සියල්� �� දැනගන්න මේ චිත්රපටය බලන්න වගේම උපසිරැසි ගැන අදහසක් දාලා යන්න කියලත් ඉල්ලනවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
320MB(BRRIP) Torrent file එකමෙතනින් ගන්න.
250MB(BRRIP)Torrent file එක මෙතනින් ගන්න.
මෙය ඇත්තටම හුඟ දෙනෙකුගේ ඉල්ලීම් නිසා කරන ලද උපසිරසි ගැන්වීමක්. විශේෂයෙන් මට පුද්ගලිකව මේ චිත්රපටයට උපසිරසි යොදන්න කියලා ඉල්ලීම් කරපු අයට සවන් දීමක් වශයෙන් කරන ලද උපසිරසි ගැන්වීමක්. චිත්රපටය ගැන කියනවනම් මෙයට imdb හි 7.1 වැනි අගයක් ලැබිලා තියෙනවා. 1945 වර්ෂයේදී පෘතුවියෙන් චන්ද්රයා වෙතට යන ජර්මානු නාසි වැසියන් වර්තමානයේ සඳ මත අඳුරු පැතිකඩ නම් කොටසේ ජිවත් වෙනවා. මේ අතර ඇමරිකානු අජටාකාශ ගාමින් දෙදෙනෙක් 2018 දී නැවත සඳ මතට ගමන කරනවා. එහිදී ඔවුන් හට මෙම නාසි මුණගැසෙනවා. නමුත් තත්වය හිතන තරම් හොඳ වෙන්නේ නෑ. සඳ මත සිටින නාසි යානුවන්ට ඇත්තේ තවමත් එදා පැවතුනු තාක්ෂණයයි. ඔවුන් සතුව ඇති ලොව විශාලතම යුධ යානය ක්රියාත්මක කිරීමට අවශ්ය තාක්ෂනය සොයාගැනීමට ඔවුන් පෘතුවියට පැමිණෙනවා. පසුව ඔවුන් පෘතුවියට පහරදීම් කිරීමට සුදානම් වෙනවා. ඔවුන්ට පෘතුවිය ආක්ක්රමණය කිරීමට හැකි වෙයිද ? අජටාකාශ ගාමින් දෙදෙනාට කුමක් සිදු වෙයිද ?
පොඩි දෙයක් කියන්න ඕනේ. මෙය උපසිරසි ගැන්වීම් කරලා සැහෙන්න කලක ගතවුවත් , මෙයට හරියටම ගැලපෙන හොඳ අන්තර්ගතයකින් යුතු උපසිරසියක් අන්තර්ජාලය නිකුත්වෙන්න සැහෙන්න කාලයක් ගත වුනා. ඊට ප්රධානම හේතුව මෙම චිත්රපටයේ අයිතිකරුවන් ඔරිජිනල් DVD පටයත් සමඟ ඉංග්රීසි උපසිරසි එකතු නොකර තිබීමයි. ඒ නිසා උපසිරසි ගොනු රැසකින් උපුටා ගන්න ලද උපසිරසි තමයි මේ ඔබට පරිවර්ථනය කර ලබාදී තිබෙන්නේ. නමුත් මෙහෙ ජර්මානු භාෂාමය කොටස් වලට සරිලන උපසිරසියක් මේ දක්වා අන්තර්ජාලයට එකතු වෙලා නෑ. එමනිසා එම කොටස් සඳහා සිංහල පරිවර්තනය කිරීමට නොහැකි වුනා. ඒ වෙනුවෙන් සැමගෙන් සමාව ඉල්ලනවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.
ඔන්න අලුත් චිත්රපටයක් ගිහින් දවසක් යන්නත් කලින් මම තවත් චිත්රපටයක් අරන් ආවා.මේක අලුත්ම අලුත් උණු උණුවේ පිට උන චිත්රපටියක්.මේකේ HD RIP කියලා දැන් සැහෙන දවසකට කලින් කොපි එකක් ආවා මතක ඇති.සමහර වෙබ් අඩවි වලින් පලවෙනියා වෙන්න කියලා හිතාගෙන ඔය වගේ ගුණාතමක අඩු කොපි වලට සබ් දුන්නා. හැබැයි zoom.lk රසිකයන්ගේ රසිකත්වය අප මොට කරන්න කැමති නෑ.ඉතින් මේක හොද කොපි එකක් එනකම් හිටියා වැදගත් විදියට උපසිරැසි දෙන්න.දැන් කොහොමත් මේක දැකලා වෙනත් වෙබ් අඩවිවලත් මේකෙ BRRIP එකට සබ් එක දෙයි.කොහොමත් ඒ අය අපිව කොපි කරන එකනෙ කරන්නෙ.කොහොමත් ලංකාවේ අංක 1 උපසිරැසි වෙබ් අඩවිය වන අපට අනිත් අය වගේ දුවන්නම් වාලේ දුවන්න උවමනා නැ කියලා ඔයාලා දන්නවනේ.දැන් ඔයාලට පුලුවන් හොද කොපි එකක් එක්ක හොද උපසිරැසියකින් චිත්රපටය රස විදින්න.මේකේ සමහර ටොරන්ට් (YIFY) හා ඩිරෙක්ට් ලින්ක්ස් අද පාන්දර නිකුත් උනේ.නැත්නම් ඊයේ රෑම මේක දාන්න තිබුනා.හරි ඒ කතාව ඇති.අපි චිත්රපටියේ කතාව දෙස හැරෙමු.
මේකේ කථාව තමයි හොල්මන් රෝහකයා නැගෙනහිර යුරෝපයේ පිහිටි ගමක හැංගී ජීවත්වෙනවා.මෝරේවු නම් පූජකයෙක් ඔහුගෙන් උදව් බලාපොරොත්තු වෙනවා යක්ෂයාගේ කුලී කාරයෙක් විසින් පැහැරගත්ත ළමයෙක්ව බේරගන්න.ජොනී බ්ලේස් ඉල්ලීමට කැමති වෙයිද? හොල්මන් රෝහකයට පැහැරගත් ඩැනී නම් ළමයව බේරගන්න පුළුවන් වෙයිද? මේ ළමයව යක්ෂයාට අවශ්ය ඇයි? මේ ප්රශ්නවලට පිළිතුරු හොයන්න නම් මේ චිත්රපටිය බලන්න වෙනවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
650MB(BRRIP) Direct links මෙතනින් ගන්න.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
ඔන්න යාළුවනේ මම මගේ තුන්වන උපසිරැසියත් ගෙනාව.මේක නම් ටිකක් වෙනස් මම දුන්නු උපසිරැසිත් එක්ක බලනකොට. මොකද මම මීට කලින් දුන්නෙ හොල්මන් චිත්රපට වල උපසිරැසිනේ.දැං දෙන්න යන්නෙ ඔයාල වඩාත් කැමති Cars 2 චිත්රපටයේ උපසිරැසියයි.මේක ඇනිමේෂන් චිත්රපටයක්. මේ චිත්රපටයේ IMDb Rate එක 6.4 ක්.මේකෙ ඇනිමේෂන් නම් නියමයි. ආ..හ් මට කතාව කියන්න බැරි උනානෙ. පොඩ්ඩක් කියන්නම්. මෙන්න මෙහෙමයි, පුද්ගලයෙක්(වාහනයක� �� හරිද) අළුත් වාහන තෙල් වර්ගයක් වෙළද පොළට හදුන්වල දෙනව.ඒ සදහා ඔව්න් රේස් එකක් නිර්මාණය කරනව, ඒකට අර රතුපාට කාර් එක (Lightning McQueen) සහ ඔහුගෙ යාළුවො යනව.පස්සෙ තරගය ආරම්භ වෙනව. ඒ උනත් ඒ මොහොතේ සිදුවෙන්නෙ තරගය පමණක් නෙවෙයි වෙන වෙන හොර ජාවාරම්. මේ කතාව පුරාවටම යන්නේ මේ ජාවාරම් සිද්ධි සහ තරග විතරයි.ගොඩක් වෙලාවට ප්රධාන නළුව Lightning McQueen වගේ පෙනුනත් ඇත්තටම ප්රධාන නළුව වෙන්නෙ Mater ඒ කියන්නෙ McQueen ගෙ හොදම යාළුව. එහෙනම් මේ හැමදෙයක්ම වෙනහැටි උපසිරැසිත් එක්කම බලල දැනගන්නකෝ
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct LInks මෙතනින් ගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.