• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter

Wednesday, June 6, 2012

Iron Sky (2012) Sinhala Subtitles (93 min 00 sec)


මෙය ඇත්තටම හුඟ දෙනෙකුගේ ඉල්ලීම් නිසා කරන ලද උපසිරසි ගැන්වීමක්. විශේෂයෙන් මට පුද්ගලිකව මේ චිත්‍රපටයට උපසිරසි යොදන්න කියලා ඉල්ලීම් කරපු අයට සවන් දීමක් වශයෙන් කරන ලද උපසිරසි ගැන්වීමක්. චිත්‍රපටය ගැන කියනවනම් මෙයට imdb හි 7.1 වැනි අගයක් ලැබිලා තියෙනවා. 1945 වර්ෂයේදී පෘතුවියෙන් චන්ද්‍රයා වෙතට යන ජර්මානු නාසි වැසියන් වර්තමානයේ සඳ මත අඳුරු පැතිකඩ නම් කොටසේ ජිවත් වෙනවා. මේ අතර ඇමරිකානු අජටාකාශ ගාමින් දෙදෙනෙක් 2018 දී නැවත සඳ මතට ගමන කරනවා. එහිදී ඔවුන් හට මෙම නාසි මුණගැසෙනවා. නමුත් තත්වය හිතන තරම් හොඳ වෙන්නේ නෑ. සඳ මත සිටින නාසි යානුවන්ට ඇත්තේ තවමත් එදා පැවතුනු තාක්ෂණයයි. ඔවුන් සතුව ඇති ලොව විශාලතම යුධ යානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂනය සොයාගැනීමට ඔවුන් පෘතුවියට පැමිණෙනවා. පසුව ඔවුන් පෘතුවියට පහරදීම් කිරීමට සුදානම් වෙනවා. ඔවුන්ට පෘතුවිය ආක්ක්‍රමණය කිරීමට හැකි වෙයිද ? අජටාකාශ ගාමින් දෙදෙනාට කුමක් සිදු වෙයිද ?

පොඩි දෙයක් කියන්න ඕනේ. මෙය උපසිරසි ගැන්වීම් කරලා සැහෙන්න කලක ගතවුවත් , මෙයට හරියටම ගැලපෙන හොඳ අන්තර්ගතයකින් යුතු උපසිරසියක් අන්තර්ජාලය නිකුත්වෙන්න සැහෙන්න කාලයක් ගත වුනා. ඊට ප්‍රධානම හේතුව මෙම චිත්‍රපටයේ අයිතිකරුවන් ඔරිජිනල් DVD පටයත් සමඟ ඉංග්‍රීසි උපසිරසි එකතු නොකර තිබීමයි. ඒ නිසා උපසිරසි ගොනු රැසකින් උපුටා ගන්න ලද උපසිරසි තමයි මේ ඔබට පරිවර්ථනය කර ලබාදී තිබෙන්නේ. නමුත් මෙහෙ ජර්මානු භාෂාමය කොටස් වලට සරිලන උපසිරසියක් මේ දක්වා අන්තර්ජාලයට එකතු වෙලා නෑ. එමනිසා එම කොටස් සඳහා සිංහල පරිවර්තනය කිරීමට නොහැකි වුනා. ඒ වෙනුවෙන් සැමගෙන් සමාව ඉල්ලනවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.

0 comments:

Post a Comment

 
Powered by Blogger.

BThemes

Copyright 2010 Sinhala Subtitles - All Rights Reserved.
Designed by Web2feel.com | Bloggerized by Lasantha - Premiumbloggertemplates.com | Affordable HTML Templates from Herotemplates.com.