• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter

Wednesday, June 6, 2012

Ek Main Aur Ekk Tu [2012] Sinhala Subtitles (112 min 00 sec)


Ra one චිත්‍රපටියෙන් පස්සේ මම ඊලගට උපසිරැසි ගන්වනු ලැබු චිත්‍රපටියයි මේ.මේකත් හින්දි එකක්ම තමයි.රේ වන් එක නම් දැනට වැඩිම දෙනා ඩවුන්ලොඩ් කරපු චිත්‍රපටිය ලෙසනේ තියෙන්නේ.ඉතින් පොඩි අඩම්බරයක් තියනවා.මේකත් ආයේ ඔයාලා බලන්නම වටින සුපිරි චිත්‍රයක්.පුංචි කතාවක් තියෙන්නේ හැබැයි එක චිත්‍රපටිය පුරාවටම ලස්සනට විහිදිලා යනවා.මේ චිත්‍රපටයේ ධාවන කාලයත් පැය 1 විනාඩි 52යි.හරියට ඉංග්‍රිසි චිත්‍රපටියක වේලාව වගේ.බොරු කැලි නැතුව කතාව ලස්සනට ගලාගෙන යාමක් මේ චිත්‍රපටිය තුල අපිට දකින්න පුලුවන්.මේ කතාවේ සාරංශය ගැන පොඩ්ඩක් කියනවා නම් රාහුල් සහා රිහානා ඇමරිකාවේ වේගාස්වල දැනට පදිංචි වෙලා ඉන්න දෙන්නෙක්.දෙන්නටම ජිවිතේ ප්‍රශ්න තියනවා.ඉතින් ඒ දෙන්නම ජිවිතේ ගැන කලකිරිමෙන් ඉන්නේ..මේ දෙන්නම දවසක අහම්බෙන් වගේ හම්බවෙනවා.එකත් වෙන්නේ අමුතුම විදියට.ඒ ටික නොකියා ඉන්නම් නැත්නම් කතාවේ රසයක් නෑ නේ.මේ දෙන්නා හම්බවෙන්නෙත් නත්තල් දවසේ ඉතින් එදා රැ මේ දෙන්නා දෙන්නම දුකින් ඉන්න හින්දා දුක නැතිවෙන්න යනවා පාටි එකකට.එතනින් මේයාලා හොදටම බිලා වැරදිලා කසාද බදිනවා...ඊට පස්සේ මොනා වෙයිද?ඒ ටික කියන්නේ නෑ අරන් බලන්න.මම බලපු ලස්සනම කතා අතරින් එකක් තමයි මේක.ඇත්තටම මම මේක දැනට සබ් දාන්නයි සේරම කරන්නයි 5පාරක් විතර බැලුවා.ඒ තරම් ලස්සන කතාවක් තියනවා.පවුලේ හැමෝටම එකට රසවිදින්න පුලුවන් හාස්‍ය විනෝදය සපිරුණු ෆිල්ම් එකක්.මම මේ චිත්‍රපටියේ ආසම විනාඩි කිහිපය තමයි පැය 1යි විනාඩි 37කින් විතර යන කොටස.හරි වැඩි කතාව ඕන නෑ ඔයාලත් එහෙනම් මේ චිත්‍රපටිය අරගෙන බලන්න.තව වැදගත් දෙයක් කියන්න බැරි උනානේ.මේ චිත්‍රපටියේ උපසිරැසි දාන්න මට විශේෂ කෙනෙක් සහාය උනා.ඒ තමයි අපේ සයිට් එකේ ඇඩ්මින් ගේ ආදරණිය පෙම්වතිය ඇත්තටම එයත් මේ චිත්‍රපටයට ගොඩක් ආස නිසා උපසිරැසි දාන්න කැමති කිව්ව නිසා එයාවත් එකතු කරගෙන දැම්මේ.උපසිරැසි යෙන් 40% විතර දාන්න උදව් උනා.එයාගෙත් පලවෙනි උපසිරැසි එක නිසා කට්ටිය බලලා උපසිරැසි එක ගැනත් අදහසක් දාන්න කියලා ඉල්ලනවා.හැමදාම ලස්සන හොදම කතා දෙන්නේ ZOOM එකෙන් විතරක් කියලා ඔයාලා දන්නවානේ.අනික උපසිරැසි ගන්වන ශිල්පින් විතරක් නෙමෙයි ශිල්පිනියන් ඉන්නෙත් ZOOM එකේ උපසිරැසි කණ්ඩායමේ විතරයි...එහෙනම් මේ ෆිල්ම් එකත් අරගෙන හැමෝම අනිවාර්යෙන් බලන්න.මෙතන ටොරන්ට් කිහිපයක් ඇති.මම නම් නිර්දේෂ කරන්නේ 708MB කොපි එක.අනිත් එවත් වරදක් නෑ.හැබැයි 708කොපි එක හොදටම හොදයි.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
708MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
450MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
800MB(DVDRIP) Direct links මෙතනින් ගන්න.
450MB(DVDRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

708MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
699MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

1 comments:

සින්හල සබ් එක දෙන්නකෝ

Post a Comment

 
Powered by Blogger.

BThemes

Copyright 2010 Sinhala Subtitles - All Rights Reserved.
Designed by Web2feel.com | Bloggerized by Lasantha - Premiumbloggertemplates.com | Affordable HTML Templates from Herotemplates.com.